ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෝල් අගනුවරට කිලෝමීටර් 45ක් පමණ දුරින් පිහිටි හ්වාසොං නගරයේ ඇරිසෙල් (Aricell) කම්හලේ අද උදෑසන ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට උත්සාහ කරන අවස්ථාව වන විටත් කුඩා පිපිරීම් සිදුව ඇති අතර ගින්න හමුවේ ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් කඩා වැටී තිබුණා.

දකුණු කොරියාව ලිතියම් බැටරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අතර ඒවා විද්‍යුත් වාහනවල සිට ලැප්ටොප් පරිගණක දක්වා බොහෝ උපකරණවල භාවිතා කෙරෙනවා.

Aricell කම්හලේ හටගත් මෙම ගින්න හේතුවෙන් තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි සඳහන්.

මෙම කර්මාන්ත ශාලාවේ බැටරි 35,000ක් එහි දෙවන මහලේ තිබී ඇති අතර එහිදී බැටරි පරීක්ෂා කර ඇසුරුම් කිරීම සිදු කෙරෙනවා.

බැටරියක් පුපුරා ගින්න ආරම්භ වීමට නිශ්චිත හෙතුවක් මෙතෙක් පැහැදිළි වී නොමැති අතර ගින්න සිදුවන විට සේවකයන් 100කට වැඩි පිරිසක් එහි සිට තිබෙනවා.

ලිතියම් බැටරි හේතුවෙන් ඇති වන ගිනි ජලය හමුවේ පැතිර යාම වැඩි විය හැකි බැවින් ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින්ට වියළි වැලි භාවිතා කිරීමට සිදුවී තිබුණා.

ඒ හේතුවෙන් ගින්න පාලනයට පැය කිහිපයක් ගත වූ බවයි සඳහන් වන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »