ඔස්ට්‍රේලියාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ලබන 30 වනදාට පෙර විදේශ ගමන් බලපත්‍රය අලුත්කර ගන්නා ලෙස ඔස්ට්‍රේලියානුවන්ට සිහි කැඳවීමක් කර තිබෙනවා.

මේ වන විටත් ලොව වැඩිම මුදලක් අය කෙරෙන විදේශ ගමන් බලපත්‍රයක් ලෙසට වාර්තා අතරට එක්ව ඇති ඔස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ලබන ජුලි මස පළමුවනදා සිට යළි ඉහළ යාමට නියමිතයි.

2024 ජනවාරි 1 වනදා වැඩිහිටියෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක් සඳහා වූ ගාස්තුව ඩොලර් 346ක් දක්වා ඉහළ ගිය අතර එය ලබන ජූලි පළමුවනදා සිට ඩොලර් 373.75ක් දක්වා ඉහළ යනු ඇති.

ෆෙඩරල් රජය විසින් මෙම ගාස්තු ඉහළ නැංවීම මගින් ඉදිරි වසර පහ තුළ ඩොලර් මිලියන 27කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන්.

කඩිනමින් ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා අමතර මුදලක් ගෙවා එම සේවය ලබා ගැනීමට ෆෙඩරල් රජය පසුගිය අයවැයෙන් පසු ජනතාවට අවස්ථාව හිමි කර දී තිබෙනවා.

එම කඩිනම් විදෙස් ගමන් බලපත්‍ර සේවාව ලබන ජූලි පළමු වනදා සිට ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩ කරන දින 5ක් ඇතුළත එය ලබා ගත හැකියි.

එමෙන්ම ඉතා හදිසි අවශ්‍යතාවයක් පවතින අය සඳහා අයදුම්පත ඉදිරිපත් කළ දිනයේ සිට වැඩ කරන දින 2ක් ඇතුළත විදේශ ගමන් බලපත්‍ර ලබා ගත හැකියි.

ඒ සඳහා ප්‍රමුඛ සැකසුම් ගාස්තුව ලෙස ඩොලර් 252ක අමතර මුදලක් ගෙවීමට සිදුවන අතර සමස්ත ගාස්තුව ඩොලර් 626ක් වනු ඇති.

ලබන 30 වනදාට පෙර ගමන් බලපත්‍ර ඉල්ලුම් කළ හැකි නම් එමගින් මිල වැඩිවීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු නොවන බවයි දැනුම් දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »