Search

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

South Yarra හි පිහිටි Rustica අවන්හල පන්දුවාර 20 ලෝක කුසලානය අවසන් වන තෙක් Prime Cricket Cafe ලෙස නම් කර ක්‍රිකට් ලෝලීන්ට තරඟ නැරඹීමට අවස්ථාව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ප්‍රයිම් වීඩියෝ සමාගම විසින් මෙය ආරම්භ කර ඇත්තේ T20 ලෝක කුසලානයේ super 8 වටයේ තරග මූලික අරමුණ කර ගනිමින්.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ නිල සහකරුවෙකු වන ප්‍රයිම් වීඩියෝ සමාගම සඳහන් කළේ ක්‍රිකට් ලෝලීන්ට උදෑසන 6 සිට ක්‍රිකට් කැෆේ වෙත පැමිණ කෝපි පානය කිරීමට හැකි බවයි.

මෙවර ලෝක කුසලානයේ ඉදිරි ක්‍රිකට් තරග අවන්හල තුළ පුළුල් තිර මගින් ප්‍රදර්ශනය කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

අද විවෘත කරනු ලැබූ ප්‍රයිම් වීඩියෝ ක්‍රිකට් කැෆේ මෙවර ලෝක කුසලානයේ සුපිරි අට අදියරේ තරග පැවැත්වෙන වේලාවන් ද ඇතුළුව දිනය පුරා විවෘතව තැබෙනු ඇති.

අද සිදු කෙරුණු විවෘත කිරීමට සමගාමීව ක්‍රීඩක උස්මන් ඛවාජා ද අවන්හලට පැමිණ සිටි පිරිස් වෙත සංග්‍රහ කරමින් ඔවුන් සමග කතා බහක ද නිරතවුණා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »