
2024 වසරේ මැයි මාසය තුළ Student visa කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණි සිසුන් සංඛ්‍යාව 39,170ක් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.
එම අගය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව අඩු අගයක් වන අතර පසුගිය වසරේ මැයි මාසයේදී Student visa යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණි සිසුන් ගණන 43,950ක් බවයි සඳහන් වන්නේ.
Student visa යටතේ මෙම වසරේ අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණි සිසුන් ගණන 49,950ක් වන අතර මෙම අගය පෙර වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සිසුන් 3120ක වැඩිවීමක්.

මෙම වසරේ student visa යටතේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ පෙබරවාරි මාසය තුළ වන අතර එම සංඛ්‍යාව 175,950ක් වනවා.
සෑම වසරකම student visa යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන අනෙක් මාසය වන්නේ ජූලි වන අතර පසුගිය වසරේදී ජූලි මාසයේදී student visa යටතේ ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් 131,640ක් පැමිණ තිබුණා.

කෙසේ වෙතත් student visa සදහා ෆෙඩරල් රජය හදුන්වා දෙනු ලැබූ නව විසා කොන්දේස් හේතුවෙන් ඉදිරි මාස කිහිපය වන විට තවදුරටත් ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස පහළ අගයක් ගනු ඇතැයි විචාරකයින් පෙන්වා දෙනවා.
අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත අනුව student visa යටතේ පැමිණි වැඩි පිරිසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට පැමිණ ඇති අතර දෙවනුව වික්ටෝරියා ප්‍රාන්තයත් තෙවනුව ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයත් සටහන් වී තිබෙනවා.