සාප්පු සංකීර්ණයක් යුද පිටියක් කළ ඇඩිලේඩ් තරුණයන්ට වැඩ වරදී

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් Marion Shopping Centre ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තරුණයන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස 3ට පමණ තරුණයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් සාප්පු සංකීර්ණය වසා දමා ජනතාව ද ආරක්ෂිතව ඉවත් කිරීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ.

අද උදෑසන පොලිසිය නිවේදනය කළේ පහරදීම, අපහාස කිරීම සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ වයස අවුරුදු 15 සහ 16 යන වයස්වල පිරිමි ළමුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ආයුධවලින් සන්නධව සිටි තරුණයක් පිරිසක් අතර සිදු වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මාධ්‍ය හමුවකදී දකුණු ඔස්ට්‍රේලියා පොලිසියේ ප්‍රකාශකයෙකු හෙළි කළේ වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙළඳ සංකීර්ණයේ ආපන ශාලාවකදී ගැටුමක් ආරම්භ කරගෙන ඇති බවයි.

මෙමගින් ජනතාවගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ මෙය අහඹු ප්‍රහාරයක් නොවන අතර පිරිමි ළමයින් තිදෙනෙකු තවත් තරුණයින් කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් පහරදීම සඳහා සාප්පු මධ්‍යස්ථානයට පැමිණ ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර වෙස්ට්ෆීල්ඩ් හි වෙළඳසැල් අද සාමාන්‍ය පරිදි විවෘත කර තිබෙනවා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »