ඔස්ට්‍රේලියාවේ ඔබටත් සම්මානයකට සුදුසු නම් යෝජනා කරන්න අවස්ථාව

2025 වසරේ Australian of the Year Awards සම්මාන උලෙළේ Local Hero Award සම්මානය සදහා නාමයෝජනා භාර ගැනීම ලබන ජුලි මස 31 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

මේ සදහා නාමයෝජනා භාරදීමට කැමති අයට ඊට අයදුම් කිරීමට ද හැකියාව පවතින අතර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස සම්මානය සඳහා සුදුසු අයෙක් නිර්දේශ කිරීමට ද හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

එලෙස නම යෝජනා කරන පුද්ගලයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු විය යුතු අතර ඔහු යම් ක්ෂේත්‍රයක් තුළ කැපී පෙනෙන චරිතයක් ද විය යුතුයි.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට අදාළ නාමයෝජනා ඉදිරිපත් කළ හැකි අතර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස ඒ සඳහා පෞද්ගලික ගිණුමක් විවෘත කර නාම යෝජනා ඇතුලත් කළ හැකියි.

මෙය සෑම වසරකටම එක්වරක් පමණක් සිදු කෙරෙන අතර නාමයෝජනා ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුරවැසියන්‍ට අවස්ථාව හිමිවනවා.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මේ වන විටත් නාමයෝජනා රැසක් ඉදිරිපත්ව ඇති අතර ඒ පිළිබද ගණනය කිරීම අගෝස්තු මාසයේ ආරම්භ කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »