ලොව අලංකාරම විශ්ව විද්‍යාල අතරට ගිය ඔස්ට්‍රේලියාවේ සරසවි දෙක

ලොව හොඳම විශ්ව විද්‍යාල 50 අතුරින් වඩාත් අලංකාර විශ්වවිද්‍යාල 20ක් Time out සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ # tag යොදා පළ කර තිබූ ඡායාරූප දත්ත අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

Time out සඟරාව විසින් මෙම දත්ත ඉදිරිපත් කර ඇති අතර ගතවූ මාස 12ක කාලසීමාව තුළ සමාජ මාධ්‍ය තුළ සටහන් වූ තොරතුරු අනුව මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇති බව සඳහන්.

ඒ අනුව වඩාත්ම අලංකාර මෙන්ම සමාජ මධ්‍යයේ වඩාත් කතා බහට ලක්වූ විශ්ව විද්‍යාලය ලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයයි.

එම සරසවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පළ කිරීම් මිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයට පත් වූ අතර එහි සමාජ මාධ්‍ය post සංඛ්‍යාව 470,569ක් ද තුන්වන ස්ථානයට පත්ව ඇති කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අලංකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් 403,421ක් ද ඇති බව සඳහන්.

මෙම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ඉහළම ස්ථාන 20න් 15කට හිමිකම් කියමින් ලැයිස්තුවේ ආධිපත්‍යය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 2ක් ද ලොව වඩාත් අලංකාර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට ඇතුලත් අතර ඒ අනුව සිඩ්නි විශ්වවිද්‍යාලය 18 වන ස්ථානයටත් මෙල්බන් විශ්වවිද්‍යාලය 20වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

1. University of California (LA)
2. University of California (San Diego)
3. Columbia University
4. University of Washington
5. Harvard University
6. University of Toronto
7. University of Michigan
8. Cornell University
9. Duke University
10. Hong Kong University of Science and Technology
11. Princeton University
12. Yale University
13. Stanford University
14. University of Texas Austin
15. University of Illinois at Urbana
16. Peking University
17. New York University
18. University of Sydney
19. University of Chicago
20. University of Melbourne

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »