
තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.
Mitsubishi Electric සමාගමේ TOKUI Fast Accurate Synchronized motion Testing Robot (TOKUFASTbot) නම් රොබෝ යන්ත්‍රය විසිනුය්යි තත්පර 0.305 කින් මෙම Rubik cube එක නිවැරදිව සම්පූර්ණ කර ඇත්තේ.
ඇසිපිය හෙළන වේගයකින් Rubik’s cube එකක් නිවැරදිව සකස් කළ වේගවත්ම කාලය ලෙසට එය ගිනස් ලෝක වාර්තා අතරට එක්වී තිබෙනවා.

එමෙන්ම මෙම වාර්තාව මිට්සුබිෂි සමාගමේ ම රොබෝ යන්ත්‍රයක් සතු වූ තත්පර 0.38 කින් පෙර වාර්තාව බිඳ දැමීමක් වනවා.
අධිවේගී මෙම රොබෝ යන්ත්‍රය AI තාක්‍ෂණයෙන් මෙන්ම වර්ණ හඳුනාගැනීමේ හැකියාවෙන් ද සමන්විත බවයි ජපාන විශේෂඥයින් සඳහන් කළේ.

මෙම වාර්තා පිහිටුවීම පසුගිය මැයි 21 වනදා ටෝකියෝ හිදී සිදු වූ අතර අනතුරුව එය ගිනස් ලෝක වාර්තා කමිටුව මගින් ද අධීක්ෂණය කර තිබෙනවා.
මෙම පර්යේෂණයේදී රොබෝ යන්ත්‍රයේ වේගයට අනුවර්තනය වීමට Rubik’s cube එකට හැකියාවක් නොමැතිව සිරවිම හේතුවෙන් ඒ සඳහා ද නව තාක්ෂණය යොදාගෙන වාර්තාව පිහිටුවීමට මිට්සුබිෂි සමාගම් බලධාරීන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
Rubik’s cube එකක් නිවැරදිව සකස් කිරීම සඳහා සාමාන්‍ය මිනිසෙකු තබා ඇති වේගවත්ම කාලය තත්පර 3.13ක් බව ගිනස් ලෝක වාර්තාවේ සඳහන්.