ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ලොව ඕනෑම ගුවන් සමාගමක් මෙම මාර්ගයේ ගුවන් සේවා ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වන බවයි පැවසෙන්නේ.

Melbourne සහ Queensland අතර නව ගුවන් ගමන් සඳහා ඩොලර් 151ක් වැනි මුදලක සිට මගීන්ට ආසන වෙන් කරවා ගත හැකි බව සඳහන්.

Melbourne සහ Hervey Bay අතර පළමු ගුවන් ගමන ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ පිටත් වීමට නියමිතයි.

ක්වීන්ස්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති හර්වි බේ සුන්දර වෙරළ තීරයන්, තල්මසුන් නැරඹීම සහ ලෝක උරුමයක් වන ගැරී වැලි තීරය හේතුවෙන් ජනප්‍රියත්වයක් උසුලනවා.

Melbourne සහ හර්වි බේ අතර සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ගමනාන්ත දෙකෙන්ම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති.

මෙල්බර්න් සිට ක්වීන්ස්ලන්තයේ මෙම කොටසට මෙතෙක් සෘජු ගුවන් ගමනක් නොතිබීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ද මෙය මහඟු අවස්ථාවක් බවයි පැවසෙන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »