මිලියන 6කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසකට ගැටලුවක්

මිලියන හයකට අධික ඔස්ට්‍රේලියානුවන් නිවාස ණය වාරික ඉහළ යාම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්වී ඇති බව වාර්තා වනවා.

බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට තම ණය සම්බන්ධයෙන් උදව් ලබාගත හැකි ආකාර පිළිබඳව පවතින්නේ ඉතා අඩු අවබෝධයක් බවයි වාර්තා වන්නේ.

බොහෝදෙනා ණය ගෙවීමට ඇති අපහසුතා පිළිබඳව අදාළ මූල්‍ය ආයතන දැනුවත්කර ඒ සඳහා උදව් ලබාගැනීමට මැලිකමක් දක්වන බව හෙළිවී තිබෙනවා.

නමුත් ඔස්ට්‍රේලියානු බැංකු සහ ණයදෙන ආයතන ණය ගෙවාගැනීමට අපහසු ගැනුම්කරුවන්ට සහය වීමට නීතියෙන් බැඳී සිටින අතර තම අපහසුතාවන් ඔවුන්ට දැනුම් දීම වැදගත් බවයි උපදෙස් දෙන්නේ.

ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම විසින් නිකුත් කළ දත්ත අනුව පසුගිය මාස 12ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානුවන් මිලියන 5.8ක් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව සිටින බව දැක්වෙනවා.

මින් සියයට 40ක් ඉදිරි මාස 12 තුළ තම ක්‍රෙඩිට් කාඩ්පත් ණය හේතුවෙන් අර්බුදයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි හදුනාගෙන තිබෙනවා.

තවද අනපේක්ෂිත වියදම් සහ අධික ජීවන වියදම යන කරුණු මෙලෙස ඔස්ට්‍රේලියානුවන්ගේ ණය බර වැඩි කරන බවයි පෙන්වා දී ඇත්තේ.

බැංකුවලින් මූල්‍ය සහය ලබා ගැනීමට වඩා තම වත්කම් විකුණා ඒ මුදල් පියවා ගැනීමට ද ඇතැම්විට ඔස්ට්‍රේලියානුවන් කටයුතු කරන බව ද හෙළිවී ඇතැයි සඳහන්.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »