ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

ආයුධවලින් සන්නධව සිටි තරුණයක් පිරිසක් අතර සිදු වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරුවේ වාර්තා වූ මෙම සිදුවීම හේතුවෙන් සාප්පු සංකීර්ණය හදිසියේ වසා දමා ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

මාධ්‍ය හමුවකදී දකුණු ඔස්ට්‍රේලියා පොලිසියේ ප්‍රකාශකයෙකු හෙළි කළේ වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙළඳ සංකීර්ණයේ ආපන ශාලාවකදී ගැටුමක් ආරම්භ කරගෙන ඇති බවයි.

මෙමගින් ජනතාවගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ මෙය අහඹු ප්‍රහාරයක් නොවන අත්රා පිරිමි ළමයින් තිදෙනෙකු තවත් තරුණයින් කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් පහරදීම සඳහා සාප්පු මධ්‍යස්ථානයට පැමිණ ඇති බවයි.

මෙම තරුණයන් කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන් කවුරුන්ද යන්න මෙතෙක් සොයා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැහැ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »