Search

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

බ්‍රිස්බේන් නගර සභාව පෙන්වා දෙන්නේ මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් වන පාඩු පිරිමසා ගැනීමට ෆෙඩරල් රජය විසින් ප්‍රාන්ත රජයට අරමුදල් ලබා දිය යුතු බවයි.

අමතර අරමුදල් නොමැතිව ශත 50 ගාස්තු අත්හදා බැලීම ව්‍යසනයක් වනු ඇති බවයි බ්‍රිස්බේන් නගර සභාව ප්‍රකාශ කළා.

මෙම වැඩසටහන ආරම්භයට පෙර අරමුදල් සම්පාදනය කිරීමට රජය එකඟ විය යුතු අතර එසේ නැතහොත් Brisbane Metro සේවාව ද ප්‍රමාද විය හැකි බවයි නගර සභාව පෙන්වා දෙන්නේ.

පොදු ප්‍රවාහනය භාවිතයට ජනතාව වැඩි වශයෙන් යොමු කරවා රිය අනතුරු මෙන්ම රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණ සහිතවයි ක්වීන්ස්ලන්ඩ් රජය පොදු ප්‍රවාහනයට ශත 50ක ගාස්තුවක් නියම කරනු ලැබුවේ.

රජයේ ශත 50 යෝජනා ක්‍රමය අගෝස්තු 5 වැනිදා ආරම්භ වන අතර, ට්‍රාන්ස්ලින්ක් මගින් ක්‍රියාත්මක වන බස් රථ, දුම්රිය, ට්‍රෑම් රථ සහ සියලුම ප්‍රාදේශීය බස් රථ සඳහා අදාළ වනු ඇති.

බ්‍රිස්බේන් හි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත වෙත සහ ඉන් පිටතට ධාවනය වන Airtrain සේවා එයට ඇතුළත් වන්නේ නැහැ.

නගර බලධාරීන් පෙන්වා දෙන්නේ ශත 50 ගාස්තු අසාර්ථක වීමට ඉඩ නොතබා බස් ධාරිතාව ඉහළ නැංවීමට රජය ආයෝජනයන් සිදු කළ යුතු බවයි.

එසේ නොවුවහොත්, මෙය ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම රාජ්‍ය ප්‍රතිපත්ති අසාර්ථකත්වයන්ගෙන් එකක් වනු ඇති බවයි ඔවුන් අවධාරණය කළේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »