ලොව වැඩිම subscribers ඇති YouTube හිමිකරුගෙන් ඔස්ට්‍රේලියානුවන්ට මෝටර් රථ

ලොව වැඩිම subscribers ප්‍රමාණයක් සිටින MrBeast YouTube නාලිකාවේ හිමිකරු පළමු වරට ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

ඔහුගේ YouTube නාලිකාව ලෝක වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 285කට වැඩි ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටින ජනප්‍රියතම YouTube චැනලය ලෙසින්.

නව වීඩියෝවක් නිර්මාණය කිරීමට සහ තම පරිශීලකයන්ට මෝටර් රථ කිහිපයක් ලබා දීමට ඔහු මෙලෙස සිඩ්නි වෙත පැමිණ සිටින බවයි සඳහන් වන්නේ.

නව චොකලට් වර්ගයක් හඳුන්වා දීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සිදු කරන අතර ඊට එක්වන ලෙසටයි 26 හැවිරිදි, ජිමී ඩොනල්ඩ්සන් (Jimmy Donaldson) තම රසිකයන්ට ඇරයුම් කර ඇත්තේ.

එමෙන්ම එමෙන්ම මෝටර් රථවලට හිමිකම් කියන ජයග්‍රාහකයින් ඒවා ලබා ගන්නා ආකාරය දැක බලා ගැනීමට පැමිණෙන ලෙසට ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලාතිබෙනවා .

මෙම අවස්ථා සිදුවන ස්ථානයක් පිළිබඳ හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

තමන් ලොව පුරා මෙතෙක් ගමන් නොකළ මහාද්වීපය ඔස්ට්‍රේලියාව වන අතර එහි පැමිණීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවයි MrBeast YouTube නාලිකාවේ හිමිකරු කියාසිටියේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »