ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු 60ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 4ක් ද සමගින්. Ibrahim Zadran ලකුණු 58යි.

Pat Cummins කඩුලු 3ක් සහ Adam Zampa කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 127 ක් පමණයි.

Glenn Maxwell පන්දු 41කින් වේගවත් ලකුණු 59ක් ලබා ගත්තේ 6 පහර 3ක් 4 සහ පහර 6ක් ද සමගින්.

මෙවර පන්දුවාර 20 තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සහභාගී වූ සියලු තරග ජයග්‍රහණය කළ අතර මෙතෙක් පරාජයට පත්වූයේ මෙම තරගය පමණයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »