T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ අඛණ්ඩව වාර්තා කළ දෙවන කඩුලු ත්‍රිත්වය ලෙසටයි මෙය වාර්තා අතරට එක් වන්නේ.

ඔහු පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ත් පිට පිට පන්දු තුනකදී කඩුලු 3ක් දවාගත්තේය.

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගයේ දී වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වයේ හිමිකරුවා බවට පත් වුණේ පැට් කමින්ස් වීම විශේෂත්වයක්.

මේ වනවිට පැවත්වෙන තරගයේ දී කමින්ස් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කරීම් ජනත්, රෂීඩ් ඛාන් සහ ගුල්බඩින් නයිබ්ගේ කඩුලු දවාගනිමින් කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වුණා.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »