සිඩ්නි රථ ගාලක් යුද පිටියක් වෙයි

සිඩ්නි St Peters හි රථ ගාලකදී පොලිසිය අනතුරට ලක් කිරීමට උත්සාහ කළ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි පහර මධ්‍යයේ පළා ගිය සැකකරුවන් මෝටර් රථය මාර්ගයක අත්හැර දමා ගොස් ඇති අතර සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. .

පොලිසිය මෙම රථ ගාලට අද අලුයම 1.15ට පමණ පැමිණ තිබුනේ පුද්ගලයන් දෙදෙනෙකු අනවසරයෙන් ඊට ඇතුලු වී ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන්.

පොලසිය පැමිණෙන අවස්ථාවේ එම නිලධාරීන් දෙදෙනා වෙතට සැකකරුවන් වේගයෙන් මෝටර් රථය ධාවනය කර තිබෙනවා.

එය නතර කරන ලෙසට පොලිසිය කළ සඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය ඊට වෙඩි තබා ඇති අතර සැකකරුවන් පළා ගොස් ඇති බවයි වාර්තා වූයේ.

පොලිසියේ කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් තුවාල සිදුවී නොමැති අතර වෙඩි ප්‍රහාරයෙන් සැකකරුවන් කිසිවෙකුටත් තුවාල සිදු වූ බවට සාක්ෂියක් ලැබී නැහැ.

මෙම සිදුවීමෙන් විනාඩි 45කට පමණ පසු Pyrmont ප්‍රදේශයේ රථ ගාලක තිබී අදාළ මෝටර් රථය සොයා ගැනුණා.

භූගත රථගාල් දෙකෙහිම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මෝටර් රථය ද විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට භාජනය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයින්ට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර විමර්ශන ක්‍රියාත්මකයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »