ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සෞඛ්‍ය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් දකුණු ඕස්ට්‍රේලියානුවන් 3000ක් යොදාගෙන සිදු කරනු ලැබූ අධ්‍යයනයක තොරතුරු අනුවයි මෙම කරුණු හෙළිවී ඇත්තේ.

ගතවූ වසරක කාලයක් තුල දෛනිකව ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතා කරන වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව එමගින් අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල පවතින රසායනික ද්‍රව්‍ය මගින් දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බවයි.

ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා නියාමනයක් නොමැති බැවින් එහි ඇති ද්‍රව්‍ය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි වීම ද තවත් ගැටළුවක්.

ෆෙඩරල් රජය මෙන්ම ප්‍රාන්ත රජයන් ද පොදු ස්ථානවල දුම් පානය තහනම් කිරීම මෙන්ම ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කිරීම් ඇතුළුව පියවර රැසක් ගෙන තිබෙනවා.

එහෙත් එම නීති හඳුන්වා දුන් දිනයේ සිට මෙතෙක් කිසිවෙකුට දඩයක් නියම කර නොමැති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »