NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

2019 වසරේ මැද භාගයේ සිට මහජනතාව විසින් මෙම පැමිණිලි සිදු කර ඇති බවයි ප්‍රාන්ත පොලිස් ප්‍රධානින් විසින් නිකුත් කරන ලද නව දත්ත ද මගින් පෙන්නුම් කර ඇත්තේ.

මෙම පැමිණිලිවලට අදාළව සිදු කළ පරීක්ෂණවලට අනුව හෙළිවී ඇත්තේ පසුගිය වසර පහ තුළ නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරීන් 5,000කට අධික පිරිසක් විවිධ විෂමාචාර ක්‍රියාවල නිරත වී ඇති බවයි.

අදාළ කාලය තුළ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් 142 දෙනෙකු සේවයෙන් පහ කර ඇති අතර 103 දෙනෙකු අපරාධ සම්බන්ධ නඩුවලට ද මුහුණ දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »