Search

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට විශේෂ දැනුම්දීමක්

සමස්ත රට පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගේ වැඩිවීමක් පවතින බැවින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

රට පුරා ප්‍රදේශ රැසකින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් අසනීප තත්වයක් පවතින්නේ නම් හැකිතාක් නිවසේ රැඳී සිටින ලෙසටයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

පසුගිය සති දෙක තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ උණ රෝගීන් හමුවීම සියයට 28කින් ඉහළ ගොස් ඇති අතර එන්නත් ලබා නොගැනීම මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුව බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

මේ අතර නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අංශයේ නවතම ශ්වසන නිරීක්ෂණ වාර්තාවට අනුව එම ප්‍රාන්තයේ ද බරපතල රෝගීන්ගේ සියයට 33ක වැඩිවීමක් පවතිනවා.

මුව ආවරණ සහ දෙඅත් සේදීම වැනි ආරක්ෂක ක්‍රම මේ වන විට ජනතාව අතුරින් ඈත් වී තිබීම හේතුවෙන් වැඩි පිරිසක් උණ රෝගයට ගොදුරු වන බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ තමන්ට අසනීප බවක් දැනෙන්නේ නම් නිවසේ රැඳී සිටීම වඩාත් සුදුසු වන අතර COVID සහ ඉන්ෆ්ලුවෙන්සාවලට එරෙහි එන්නත් ලබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.

ශීත ඍතුවට පෙර ඉන්ෆ්ලුවෙන්සාවෙන් ආරක්ෂා වීමට එන්නත් ලබා ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ක්ලෙයාර් ලූකර් ද ජනතාවට දැනුම්දෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »