Werribee ඇතුළු ප්‍රදේශ 3ක අපජලයේ කොරෝනා වයිරස් කොටස් අනාවරණය වීම නිසා අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

Tarneit, Werribee සහ Hoppers Crossing යන ප්‍රදේශයන්හි අපජලයේ ඇති කොරෝනා වයිරස් කොටස් අනාවරණය වීමෙන් පසු  අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.

Werribee අපජල පවිත්‍රාගාරයට ඇතුල් වන ස්ථානයේ කොරෝනා වෛරස් කොටස් අනාවරණය වීමෙන් පසු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳුදා නව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

මෙම ප්‍රදේශයන්හි​ පදිංචිකරුවන් සහ පෙබරවාරි 23 සිට මෙම ප්‍රදේශවලට පැමිණි අමුත්තන් හට මෘදු COVID-19 රෝග ලක්ෂණ​ තිබේනම් වහාම කොරෝනා පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලා සිටියි.

“මෙලෙස අපජලය තුල වයිරස් කොටස් තිබීමට හේතුව​ COVID-19 සහිත පුද්ගලයෙකු කොරෝනා වැළඳි මුල් අවධියේ පසු වනවා විය හැකියි.” යනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ මෑතකදී COVID-19 ඇති පුද්ගලයින් මෙම සඳහන් ප්‍රදේශයන් ගෙන් වාර්තා නොමැති බවයි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »