Search

හජ් වන්දනාවේ මරණ සංඛ්‍යාව 1000ත් ඉක්මවා යයි

සෞදි අරාබියේ පවතින අධික උෂ්ණත්වයට හමුවේ මියගිය හජ් වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පසුගිය දිනවල මක්කම සහ ඒ අවට කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර හජ් වන්දනාවේ දී රටවල් 10කින් පමණ මරණ 1,081 ක් වාර්තා කර ඇති අතර සෞදි අරාබිය මෙතෙක් නිල මරණ සංඛ්‍යාව පිළිබඳව තොරතුරු හෙළි කර නැහැ.

අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ඊජිප්තු ජාතිකයන් පමණක් 650 කට වඩා මියගොස් ඇති බවයි.

පකිස්ථානයෙන් පැමිණි වන්දනාකරුවන් 150,000 ක් පමණ අතරින් මරණ 58 ක් වාර්තා කර ඇති අතර 240,000ක් පමණ බැතිමතුන් පැමිණි ඉන්දුනීසියාවෙන් මරණ 183ක් වාර්තා වී තිබෙනවා.

සෑම වසරකම වන්දනාකරුවන් දස දහස් ගණනක් විවිධ මාර්ග හරහා හජ් වන්දනාවට පැමිණෙන්නේ ඔවුන්ට නිල බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

සෞදි බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙවර මක්කමට පැමිණ සිටි ලියාපදිංචි නොවූ වන්දනාකරුවන් ලක්ෂ ගණනක් ඉවත් කර ඇති බවයි.

2015 වසරේ හජ් වන්දනාව අතර ඇති වූ තෙරපීමකින් වන්දනාකරුවන් 2,400 කට වැඩි පිරිසක් මිය ගිය අතර එය හජ් වන්දනාවක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »