දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නිවාස නොමැතිකම පිළිබඳ ගැටලුව ඉස්මතු කිරීම සඳහායි ආයතන බලධාරීන් 1,500ක් මෙලෙස නවාතැන් නොමැතිව එළිමහනේ නිදා ගනිමින් රාත්‍රිය ගත කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් සහ සමාජ ක්‍රියාකාරී නායකයින් 1,500ක් පමණ සීතල එළිමහනේ නිදාගෙන සිට ඇති අතර නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර කිරීම ඔවුන් රැස් කළ මුදල ඩොලර් මිලියන 7.7කට අධිකයි.

සිඩ්නි, නිව්කාසල් සහ වොලොන්ගොන්ග් ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන පැවැත්වුණා.

St Vincent de Paul Society මගින් 2006 වසරේදී මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ නිවාස නොමැතිකමට එරෙහිව සටන් කිරීමට මෙන්ම අරමුදල් රැස් කිරීම අරමුණු කර ගනිමිනුයි.

ඒ අනුව ගතවූ වසර 18ක් පුරා ඔවුන් ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් රැස් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට දායකත්වය දැක්වූවන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව පුරා සෑම දිනකම පුද්ගලයන් 122,000ක් නිවසක් නොමැතිව එළිමහනේ රාත්‍රිය ගත කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »