මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

38 හැවිරිදි සැකකරු තම මිතුරු මිතුරියන් සහ ගෘහ සේවිකාවන්ගේ ඡායාරූප මෙලෙස අසභ්‍ය වෙබ් අඩවියේ පළ කර ඇති අතර කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධ අදහස් ප්‍රකාශ කිරීමට මිනිසුන් දිරිමත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයා තම මිතුරියන්ගේ ඡායාරූපවල මුහුණු අසභ්‍ය පින්තූරවලට යොදා එම වෙබ් අඩවියේ පළ කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා 28 කට ඔහු වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2020 සහ 2022 වසර අතර මෙම පුද්ගලයා අදාළ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර එම 26 දෙනාගෙන් ඔහු නොදන්නා අය සිට ඇත්තේ දෙදෙනෙකු පමණයි.

සැකකරු මෙම ඡායාරූප ප්‍රසිද්ධ කළ වෙබ් අඩවියේ සාමාජිකයන් 300,000 කට වඩා සිටි බව ද පැවසෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »