දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown  ප්‍රදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

දුම්රිය ස්ථානය ආසන්නයේ ජිවත්වන පදිංචිකරුවන් වික්ටෝරියා ප්‍රාන්ත රජයට චෝදනා කරන්නේ තම මහල් නිවාසයේ සිට මීටර කිහිපයක් දුරින් දුම්රිය වේදිකාවක් ස්ථාපිත වී ඇති බවයි.

ප්‍රවාහන යටිතල පහසුකම් අමාත්‍ය ඩැනී පියර්සන් තෝමස්ටවුන් අසල නව කියෝන් උද්‍යාන දුම්රිය නැවතුම්පොළ විවෘත කිරීමේදී ප්‍රදේශවාසීන් ඊට එරෙහිව විරෝධතාවක ද නිරත වී තිබෙනවා.

මීට පෙර අදාළ දුම්රිය නැවතුම පොළොව මට්ටමේ පැවතුණ ද නව සංවර්ධනයේ එක් අධියරක් ලෙසටයි එය බිම් මට්ටමෙන් ඉහළට ගෙන ඉදි කර ඇත්තේ.

එලෙස දුම්රිය ස්ථානය නැවත ඉදිකරන ලද්දේ උස් කණු මත වන අතර එය මේ වන එය ආසන්න නිවාසයේ පදිංචිකරුවන්ගේ බැල්කනිවල සිට මීටර කිහිපයක් ආසන්නව පිහිටා තිබෙනවා.

නිවැසියන් පෙන්වා දෙන්නේ රාත්‍රියට එන ඝෝෂාකාරී තත්වය මෙන්ම දැඩි ආලෝකය තම නිදන කාමරවලට ද පතිත වන බවයි.

දුම්රිය හේතුවෙන් මතුවන ශබ්දය වැළක්වීම සඳහා තම නිවාසවලට විධිමත් ක්‍රමයක් සකසා දුම්රිය ස්ථානයේ ආලෝකය තම කාමර වෙත නොපැමිණෙන පරිදි කවුලු ස්ථාපිත කර පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම නව සංවර්ධනය හේතුවෙන් පීඩාවට පත්වූ නිවැසියන් සමඟ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බව වික්ටෝරියා ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »