සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

ඊයේ රාත්‍රී 11.30ට පමණ ලැබුණු ඇමතුමකට අනුව වෙස්ට්මීඩ් රෝහලට පොලිසිය පැමිණ ඇත්තේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකුට පුද්ගලයෙකු විසින් පහර දුන් බව කියන සිද්ධියක් හේතුවෙන්.

වයස අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන රෝහල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සැකකරු පාලනය කිරීමට උත්සාහ කිරීමේදී පිහි ඇනුමකට ලක්ව තිබෙනවා.

ඔවුන් කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන අතර තවත් ආරක්ෂක නිලධාරියෙකුගේ උරහිසක අබාධයක් මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ගැටුමේදී පිරිමි හෙද නිලධාරියෙකු ද සුළු තුවාල ලබා තිබෙනවා.

රෝගියෙකු බවට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් ජෙරාඩ් හේස් පැවසුවේ මෙම සිදුවීමේ කම්පනය බොහෝ කාලයක් පවතිනු ඇති අතර මේ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් සඳහා වැඩි ආරක්ෂාවක් ලැබිය යුතු බවයි.

පසුගිය සමයේ සිදු වූ වෙඩි තැබීම් සහ පිහි ඇනුම් හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පීඩාවට පත්ව සිටින අතර මේ හේතුවෙන් වැඩි ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයක් සහ නව ආරක්ෂක උපකරණ ද ලැබිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »