මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 8 ට පමණ High Street හි Epping Plaza අසල දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් පැමිණෙන විට සැකකරුවන් සියලුදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර පොලිසිය ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී වෙඩි තැබීමක් සිදුවී ඇති බවට හෙළිවී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී ඇති බවට විශ්වාස නොකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ලාලෝර්හි පදිංචි අවුරුදු 16 සහ 22 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් සිදුවූ බවට විශ්වාස කෙරෙන තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රදේශයේ රෝහලකට ගොස් ඇතැයි සඳහන්.

ඉන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පොලිසිය අනුමාන කරන්නේ මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හඳුනන අය බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින අතර තොරතුරු දන්නා ඕනෑම අයෙකුට පොලිසියට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »