ඔස්ට්‍රේලියාවට එන බව කියූ චාල්ස් රජුගේ සංචාරය ගැන අලුත් ආරංචියක්

තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ඔස්ට්‍රේලියා නිල සංචාරය මෙම වසරේදී සිදු වන බවට වාර්තා වනවා.

චාල්ස් කුමරු රාජ්‍ය ධුරයට පත්වීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ සිදු කරනු ලබන පළමු නිල සංචාරය මෙය ලෙසටයි සැලකෙන්නේ.

රාජකීය යුවළ සැමෝවා කලාපයේ නිරත වීමට නියමිත සංචාරය අතර දින හයක් මෙරට රැඳී සිටින බව සඳහන්.

කෙසේවෙතත් මෙම තොරතුරු බකිංහැම් මාලිගය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර ඔස්ට්‍රේලියා නිලධාරීන් මෙම සංචාරයට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා.

අග්‍රාමාත්‍ය අගමැති ඇන්තනි ඇල්බනීස් පසුගිය මාර්තු මාසයේ සඳහන් කළේ රාජකීය යුවළගේ සංචාරයට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

පිළිකා රෝගය හඳුනා ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියානුවන් රජුට අනුකම්පාව සහ සහයෝගය දක්වා ඇති ආකාරයටම මෙරට ස්වාභාවික ව්‍යසනවලින් විපතට පත් වූ ඕස්ට්‍රේලියානුවන් කෙරෙහි රජු සිය අනුකම්පාව පෙන්වා ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.

චාල්ස් රජු සහ රැජින මෙන්ම රාජකීය පවුලේ සාමාජිකයින් සැමවිටම ඔස්ට්‍රේලියාවට සාදරයෙන් පිළිගන්නා අතර රාජකීය සංචාරයක් සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කරන බවයි අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ.

2011 වසරේ දිවංගත එලිසබෙත් රැජිනගේ සංචාරයෙන් පසු ධුරය හොබවන රජෙකු සිදු කරන පළමු ඔස්ට්‍රේලියාවේ සංචාරය සහ පෙබරවාරි මාසයේදී චාල්ස් රජුගේ පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු ඔහු කරන පළමු ගෝලීය සංචාරය ලෙසටයි මෙය සැලකෙන්නේ.

වේල්සයේ හිටපු කුමරු වූ චාල්ස් සහ කැමිලා අවසන් වරට ඕස්ට්‍රේලියාවට පැමිණියේ 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහායි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »