ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අද අවසන් වූ කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 161කින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය ගැනීමත් සමගයි.

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස්කිරීමට සමත් වු අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් බැගින් රැස් කළා.

ජයග්‍රහණය සදහා ලකුණු 276ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 34යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 115ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 05ක් බිඳහෙලීමට සමත් වුණා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක්වන්නේ වසර 16කට පසුව කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු පූර්ණ තරගාවලි ජය ලෙසටයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »