කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි සහ හෝබාට් හි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

ඊයේ අලුයම කැන්බරාහි පැවති මෙම පිහිනීමේ ඉසව්ව සඳහා පුද්ගලයන් 399ක් සහ හෝබාට් හි පැවති ඉසව්වට 3000කට වැඩි පිරිසක් සහභාගී වූ බවයි සඳහන් වන්නේ.

පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය සහාය සඳහා පිහිට වන ලයිෆ්ලයින් කැන්බරා අරමුදල වෙනුවෙන් මුදල් එක් රැස් කිරීම අරමුණු කර ගත් මෙම ඉසව්වෙන් ඊයේ දිනයේ ඩොලර් 67,000ක් එකතු වී තිබෙනවා.

උත්සව සංවිධායක බෙන් ජොන්ස්ටන් ප්‍රකාශ කළේ පවතින ජීවන වියදම් අර්බුදය නොතකා මෙවැනි අරමුදලක් වෙනුවෙන් ජනතාව සිදු කරන පරිත්‍යාග පුදුම සහගත බවයි.

මෙම අරමුදලට දායකත්වය දරන වික්ටෝරියා ප්‍රාන්ත පශු වෛද්‍යවරියක් පැවසුවේ දැනට වසර කිහිපයක සිට කැන්බරාහි ශීත සෘතු නිරුවත් පිහිනීමේ වැඩසටහනෙන් වැඩිම මුදලක් රැස් කිරීමට තම මෙහෙවර ඉටු කර ඇති බවයි.

මෙම ඉසව්ව සාමාන්‍යයෙන් සංවිධානය කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ අඩුම දිවා කාලයක් පවතින දිනය කේන්ද්‍ර කර ගනිමිනුයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »