මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී දුම්කොළ වෙළඳාම ඉලක්ක කරගත් මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් මැද පෙරදිග අපරාධ කණ්ඩායමකට ද සම්බන්ධ බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙල්බන් නගරය ද ඇතුලුව ඔස්ට්‍රේලියාව පුරා දුම්කොළ වෙළඳසැල් ගණනකට ගිනි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය මෙම ඒකාබද්ධ මෙහෙයුම් සිදු කර තිබුණා.

මෙල්බර්න් සන්බරි ප්‍රදේශයේ වැටලීමකින් නීති විරෝධී දුම්වැටි ලක්ෂ 24ක්, ගිනි අවි 15 ක් සහ සොරකම් කළ වාහනයක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මෙල්බන් අවට තවත් ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වලින් තවත් නීතිවිරෝධී දුම්වැටි 50,000ක්, දුම්කොළ කිලෝ 30ක්, ඉලෙක්ට්‍රොනික දුම්වැටි, ජීව උණ්ඩ සහ කොකේන් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, බටහිර ඔස්ට්‍රේලියා පොලිසිය පැවසුවේ නීති විරෝධී දුම්වැටි ලක්ෂ 59ක්, ඩොලර් මිලියන 1.7ක මුදල්, ඩොලර් 500,000 ක වටිනාකමකින් යුත් වාහන පහක් සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි 41,000 ක් සෝදිසි කිරීම් වලදී අත්අඩංගුවට ගත් බවයි.

මැදපෙරදිග අපරාධයකට සම්බන්ධ බව කියන 29 හැවිරිදි ප්‍රධාන සැකකරු මීට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නීති විරෝධී දුම්කොළ ජාවාරම සඳහා පර්ත් වෙත පළා ගොස් සිටි අයෙක් බව සඳහන්.

මෙම සැකකරුවන් 13 දෙනා සම්බන්ධයෙන් ප්‍රාන්ත දෙකෙහිම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »