ඔස්ට්‍රේලියාවේ වාහන පදිනවා නම් මේ ගැනත් දැනගන්න වෙයි

ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් සෑම වසරකම රියදුරන්ට දඩ වශයෙන් මිලියන ගණනක මුදලක් ගෙවීමට සිදුවන බව නව සමීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති නිරන්තරයෙන් විවාදයට තුඩු දෙන අතර ඇතැම් අවස්ථාවල තමන් මාර්ග නීති කඩ කළේ ද යන්න රියදුරන් පවා නොදැන සිටීම ඊට හේතුවයි.

ඒ අනුව පුද්ගලයින් වැඩි දෙනෙකු නොදන්නා ඔස්ට්‍රේලියාවේ මාර්ග නීති කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් රියදුරන් දැනුවත් කිරීමටයි ප්‍රවාහන බලධාරීන් කටයුතු කර ඇත්තේ.

වේග සීමා මෙන්ම මාර්ග සංඥා නොතකා හැරීම, පාපැදි මංතීරුවල නියමිත පරිදි ගමන් නොකිරීම, වාහනයේ ලියාපදිංචි අංක තහඩු නිසි පරිදි ප්‍රදර්ශනය නොකිරීම හෝ අපැහැදිළි අංක තහඩු භාවිතා කිරීම වැනි වැරදි රැසක් සම්බන්ධයෙන් රියදුරන්ට දඩ නියම වනවා.

විශේෂයෙන් දුම්වැටිය පානය කර එහි ෆිල්ටර් කොටස් මාර්ගයට විසි කිරීම ද මාර්ග නීති උල්ලංඝනයක් වන අතර එම වරද සඳහා දඩ මුදලක් ද පැනවීමට හැකියාව පවතිනවා.

පසුගිය 2023 වසරේ මෙල්බන් පදිංචිකරුවෙක් තම දුම්වැටියේ ඉතිරි කොටස මාර්ගයට විසි කිරීම හේතුවෙන් ඩොලර් 1120ක දඩ මූදලක් නියම කර ඇති බවයි වාර්තා වූයේ.

පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ දුම්වැටි කොටස් යනු පරිසරයට හානිකර අපද්‍රව්‍යයක් වන අතර ඇතැම් විට එමගින් ලැව් ගිනි වැනි විශාල අනතුරු පවා සිදුවිය හැකි බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »