
දරා ගැනීමට නොහැකි නිවාස මිල ගණන් සහිත නගර ඇතුලත් ගෝලීය ලැයිස්තුවේ සිඩ්නි සහ මෙල්බර්න් නගරයන් පළමු නගර 10 අතරට ඇතුලත් වීම බොහෝ දෙනා ගේ කණස්සල්ලට හේතු වේ.
ලෝකයේ අවම වශයෙන් දැරිය හැකි නිවාස වෙලඳපොලවල නව ලැයිස්තුවේ සිඩ්නි සහ මෙල්බර්න් පිළිවෙලින් තෙවන හා හයවන ස්ථානයන්ට පත්විය.
Demographia International Housing Affordability Survey නැමති සමීක්ෂණයක මෙලෙස නිවාස මිල ගණන් ශ්‍රේණිගත කර ඇත්තේ නිවාස මිලට එරෙහිව ආදායම් අනුපාතයට අනුව ය.

මෙම ගණනය කිරීම් 5.1 ට වඩා ඉහළින් ඇති ඕනෑම නගරයක් “දැඩි ලෙස දැරිය නොහැකි” ලෙස සැලකේ.
මෙම ගණනය කිරීම් වලට අනුව, සිඩ්නි 11.8 ක් ද මෙල්බර්න් ලකුණු 9.7 ක් ද හිමි වී ඇත.

හොංකොං ලෝකයේ අඩුම දැරිය හැකි මිල ගණන් සහිත නගරයන් ගෙන් පළමු ස්ථානයේ පසුවන අතර එහි අගය 20.7 ක් වන අතර දෙවන ස්ථානය Vancouver ට හිමි වේ.
ඕක්ලන්ඩ් සිව්වන සහ ටොරොන්ටෝ පස්වන ස්ථානයන් ලෙස සැලකේ.
ඇමරිකානු නගර වන සැන් ෆ්රැන්සිස්කෝ, සැන් ජෝස්, හොනොලුලු සහ ලොස් ඇන්ජලීස් පළමු දස දෙනා අතරට පැමිණියහ.