ලසිත් මාලිංග පසුකර ගිය මිචෙල් ස්ටාක්ගෙන් වාර්තාවක්

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ඔස්ට්‍රේලියා කණ්ඩායමේ Mitchell Starc අද සමත් වුණා.

ඒ අද නෝර්ත් සවුන්ඩ්හි පැවති බංග්ලාදේශයට එරෙහි සුපිරි 8 වටයේ තරගයේ යැවූ පළමු පන්දු වාරයේදී ම කඩුල්ලක් දවා ගැනීමත් සමගයි මිචෙල් ස්ටාක් මෙම වාර්තාව තමන් සතු කර ගනු ලැබුවේ.

ස්ටාර්ක් අද ක්‍රීඩා කරනු ලැබුවේ තමන්ගේ 52 වැනි ලෝක කුසලාන තරගය වන අතර එහිදී ඔහු ලබා ගත් කඩුල්ල සටහන් වන්නේ එක්දින සහ විස්සයි 20 ලෝක කුසලාන තරගවලදී ලැබූ 95 වැනි විකට්ටුව ලෙසටයි.

ඔහු මෙලෙස පසු කර ගියේ ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉනිම් 59කදී කඩුලු 94ක් ලබා සිටින ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ වාර්තාවයි.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසු පන්දුවට පහරදීම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටැන්සිඩ් හසන් දවා ගැනීමට ස්ටාක් සමත් වුණා.

මෙම තරගාවලිය මිචෙල් ස්ටාර්ක් තරග කරන 4 වැනි පන්දු වාර 20 ලෝක කුසලානයයි.

තරග 75කදී කඩුලු 92ක් ලබා ගත් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් ලෝක කුසලාන තරගවල වැඩිම කඩුලු ලාභීන් අතර 3 වන ස්ථානයේ පසුවනවා.

මේ අතර පැට් කමින්ස්ට ද මෙවර T20 ලෝක කුසලානයේ පළමු Hattrick එක තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට හැකියාව ලැබුණා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »