පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනුයි ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජග්‍රහණය තීරණය කෙරුණේ.

නෝර්ත් සවුන්ඩ්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 140ක් රැස් කළා.

නායක Najmul Hossain Shanto ලකුණු 41ක් සහ Towhid Hridoy ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 3ක් සහ ඇඩම් සම්පා කඩුලු 2ක් බිඳහෙලුවා.

ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයකදී කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද පත්වුණා.

ඔහු බංග්ලාදේශ ඉනිමේ 18 වැනි පන්දු වාරයේ අවසන් පන්දු දෙකේදී සහ 20 වැනි පන්දු වාරයේ පළමු පන්දුවේදී එම කඩුලු තුන ලබා ගත්තා.

මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු වාර 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන සිටින්නේ බ්‍රෙට් ලී පමණයි.

ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කය සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 11යි පන්දු 2ක් අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ලවුණා.

ඒ වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 100ක්.

වර්ෂාවෙන් පැවති බාධාව හමුවේ තරග තීරකයන් කටයුතු කළේ ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලබාදීමටයි.

මේ අතර සුපර් එයිට් වටයේ ඕස්ට්‍රේලියාව සහභාගී වන මීළග තරගය ලබන 23 වනදා කෙන්සිංටන්හිදී පැවැත්වෙනනේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »