කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොවිඩ් නිරෝධායන සමයේ රජය විසින් සිදු කළ සහනාධාර ගෙවීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය ඊයේ බ්‍රේබෲක්හි පිහිටි නිවසේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී කාඩ්පත් මුද්‍රණ යන්ත්‍රයක්, කාඩ්පත් එම්බෝසින් යන්ත්‍රයක්, වික්ටෝරියානු රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ්පත් ගණනාවක්, මෙඩිකෙයා කාඩ්පත් ඇතුළු ව්‍යාජ අනන්‍යතා ලේඛන රැසක් සොයාගෙන ඇතැයි සඳහන්.

එමෙන්ම එහි තිබී ජංගම දුරකථන සංඥා අවහිර කිරීමට හැකි උපකරණ හතරක්, ජංගම දුරකථන, ටැබ් සහ පරිගණක රැසක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2020සහ 2021 අතර කාලයේ විවිධ ව්‍යාජ නම් යටතේ වංචනික COVID-19 සහන අයදුම්පත් 500කට වඩා ප්‍රමාණයක් සැකකරු සාර්ථකව ඉදිරිපත් කර ඩොලර් 60,000 කට ආසන්න මුදලක් වංචා කර ති බවටයි පොලිසිය චෝදනා කර ඇත්තේ.

මෙම පුද්ගලයාට වංචනික ලේඛන ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය පැවසුවේ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »