AI නිසා ඔස්ට්‍රේලියාවේ රැකියාවලට වෙන්න යන දේ

නවීන තාක්ෂණයත් සමග ඉදිරියේදී රැකියා වෙළඳපොල තුල සිදු වන වෙනස්කම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර විවිධ මත පවතින බවට නව සමීක්ෂණයක් මගින් හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ කම්කරුවන්ට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සම්බන්ධයෙන් පවතින්නේ මිශ්‍ර හැඟීම් බවයි හෙළි වන්නේ.

Freelance Service marketplace Fiverr විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ නව පරම්පරාවේ සියයට 51ක් ඉදිරි වසරවලදී AI තාක්ෂණය සමග රැකියා ස්වයංක්‍රීය කරණය වීම පිළිබඳ බියකින් පසුවන බවයි.

එමෙන්ම සියයට 52ක පමණ පිරිසක් මෙය නව අවස්ථාවක් ලෙසට සලකමින් ඒ සඳහා අවශ්‍ය නව නිපුණතා ලබා ගැනීමේ නිරත වන බවයි සඳහන් වන්නේ.

තවත් සියයට 37 ක් එම නව තාක්ෂණික කුසලතා ලබා ගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද සඳහන්.

තරුණ පරම්පරාවේ සේවකයින්ගෙන් සියයට 44 ක් පමණක් ඔවුන්ගේ AI තාක්ෂණික නිපුණතාවය පිළිබඳ විශ්වාසයක් පවතින බව මෙම සමීක්ෂණයේදී හෙළිවූ සුවිශේෂී කරුණක්.

ටෙස්ලා සහ ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් විසින් AI තාක්ෂණය හේතුවෙන් රැකියා කප්පාදුවක් සිදු වනු ඇති බවට අනාවැකි පළ කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම නව සොයාගැනීම් සිදු වී තිබෙනවා.

ඔහු සඳහන් කර තිබුණේ නුදුරු අනාගතයේදී විනෝදාංශයක් ලෙස රැකියාවක් කිරීමට අවශ්‍ය වන්නේ නම් රැකියාවක් කළ හැකි අතර එසේ නොවන්නේ නම් AI තාක්ෂණය සහ රොබෝවරු ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සහ සේවාවන් සපයනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »