ඔස්ට්‍රේලියාවේ මරණ රැසකට හේතුවන පිළිකා විශේෂයක්

ඔස්ට්‍රේලියාවේ පිළිකා ආශ්‍රිත මරණ සඳහා බලපාන ප්‍රධානතම පිළිකා විශේෂයක් ලෙස පෙනහලු පිළිකා හඳුනාගෙන තිබෙනවා.

2022 වසරේ ඔස්ට්‍රේලියානුවන් අතර පිළිකා මරණ සඳහා බලපෑ දෙවැනි පිළිකා කාරකය බඩවැල් ආශ්‍රිත පිළිකා ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ජුනි මාසය බඩවැල් පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කරනු ලබන මාසය වන අතර එම පිළිකාවල රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමෙන් සිදු විය හැකි මාරාන්තික අනතුරු අවම කර ගත හැකියි.

ඒ අනුව බඩවැල් ආශ්‍රිත පිළිකාවේ රෝග ලක්ෂණ අතර පාචනය, මල බද්ධය, බහිෂ්‍රාවීය ක්‍රියාවලියේ වෙනස්කම්, පීඩාකාරී බඩ දැවිලි ස්වභාවයන් වනවා.

ගුද මාර්ගයෙන් ලේ පිටවීම වැනි ලක්ෂණ පවතින්නේ නම් ඉතා ඉක්මනින් ඒ සම්බන්ධ වෛද්‍ය උපකාර වෙත යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානුවන් අතර පිළිකා මරණ වැඩි වශයෙන් ඇතිවන්නේ රුධිර පිළිකා හේතුවෙන් වන අතර ජන හා සංඛ්‍යාලේකන කාර්යංශ දත්තවල දැක්වෙන්නේ අවම වශයෙන් වසරකට රු’ධිර පිළිකා හේතුවෙන් මියයන සංඛ්‍යාව 5000 ඉක්මවන බවයි.

තවද පුරස්ථි පිළිකා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වසරකට මියයන පුද්ගලයින් අවම වශයෙන් 3000ක් බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »