පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා ඇත්තේ හැකිතාක් මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් හේතුවෙන් ප්‍රාන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර කාමර ධාරිතාව ඉක්මවා ඇති අතර ඉදිරි සතියේ දී මෙම තත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා තත්වය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා බරපතල වන අතර සාමාන්‍ය උණ නියුමෝනියා තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

ඕනෑම වයස් සීමාවක අයෙකුට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳීමේ හැකියාව පවතින බැවින් ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

අදාළ එන්නත් නිසි පරිදි ලබා ගැනීම මගින් සිදුවිය හැකි බරපතල තත්වයන් පාලනය කර ගත හැකියි.

එමෙන්ම උණ රෝග ලක්ෂණ තිබේ නම් එම රෝග ලක්ෂණ පහව යන තෙක් නිවසේ රැඳී සිටීම සහ අන් අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »