
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව Balloons, tinsel සහ streamers යන සියල්ලම Byron Bay කවුන්සිලය විසින් හඳුන්වා දෙන ලද නව සැරසිලි තහනමට යටත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
දේශීය සත්වයින් ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් සියලුම ගොඩනැගිලි, උද්‍යාන සහ අනෙකුත් පොදු ස්ථානවල මෙම තනි භාවිත සැරසිලි යොදා ගැනීම තහනම් වනු ඇති.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ බැලුන් යනු ඔස්ට්‍රේලියානු සාගර කලාපීය පක්ෂීන්ට සහ කැස්බෑවන් ඇතුළු අනෙකුත් සාගර ජීවීන්ට බලපාන මාරාන්තික ද්‍රව්‍යයක් බවයි.
බැලූන් සහ අනෙක් උත්සව සැරසිලි සුන්බුන් සාගරයේ සහ ජල මාර්ගවල තැන්පත් වී වටිනා සමුද්‍ර ජීවීන් හානියක් වන බවයි නගර බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම තහනම නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කසළ කළමනාකරණයට සහාය වීම සඳහා පසුගිය පළමු වනදා සිට බලාත්මක වූ තනි භාවිත පොලිතින් සහ ඇසුරුම් ද්‍රව්‍ය පිළිබඳ තහනමේ පළමු අදියර ලෙසට සැලකෙනවා.
ජෛව විවිධත්වයට තර්ජනයක් විය හැකි හීලියම් බැලූන්, රබර් බැලූන් මෙන්ම ජල බැලූන ඇතුළු සියලුම බැලූන නව තහනමට ඇතුලත් වනවා.
එමෙන්ම Glitter, confetti, streamers and tinsel, party poppers සහ glow sticks වැනි සැරසිලි ද්‍රව්‍ය ද තහනම් බවයි දැනුම් දෙන්නේ.
මෙම තහනම ආපන ශාලා, ගොඩනැගිලි සහ උද්‍යානවල සියලුම උත්සව සංවිධානය කරන අයට බලපාන බැවින් නැවත භාවිතා කළ හැකි විකල්ප සැරසිලි වෙත යොමුවීම සඳහා සොයා බැලීම් සිදු කෙරෙන බවයි බයිරන් බේ කවුන්සිල බලධාරීන් කියාසිටියේ.