ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කොරෝනා එන්නත ලැබෙන දිනය ගැන දැන ගැනීමට පහසු ක්‍රමයක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කොරෝනා එන්නත ලැබෙන දිනය ගැන දැන ගැනීමට පහසු ක්‍රමයක්!

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කොරෝනා එන්නත ලැබෙන දිනය ගැන දැන ගැනීමට පහසු ක්‍රමයක්!

ෆෙඩරල් රජය විසින් සෑම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුටම කොරෝනා එන්නත ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම සඳහා නව “එන්නත් සුදුසුකම් පරීක්‍ෂක” (“vaccine eligibility checker” ) ක්‍රමයක් හඳුන්වා දී ඇත​.

මේ අනුව, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට කොරෝනා එන්නත ලැබෙන දිනය ගැන දැනගැනීමට හැකි වේ.

පසුගිය ඉරිදා දින ඕස්ට්‍රේලියාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව පැමිණීමත් සමඟ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් විය.

ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා එන්නත ලබා දීමේ පියවරයන් 5ක් (අදියර 1a, අදියර 1b, අදියර 2a, අදියර 2b සහ 3 අදියර) හඳුන්වා දී ඇති අතර පළමු අදියරේදී නිරෝධායන සහ දේශ සීමාවන්හි සේවයේ නිරතවන්නන්, ප්‍රමුඛ පෙළ​ සෞඛ්‍ය සේවාවන්හි නිරතවන්නන් සහ වයස්ගත හා ආබාධිත සත්කාර සේවකයින් සහ පදිංචිකරුවන් සඳහා කොරෝනා එන්නත ලබා දීමට නියමිතයි.

දෙවන අදියරේදී සෞඛ්‍ය සේවකයින්, වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්, වයස අවුරුදු 55ට වැඩි ආදිවාසීන්ට​, ආබාධිත තරුණ පිරිසට සහ දැඩි අවදානම් කාර්‍යයන්හි නිරතවන්නන්ට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.

තෙවන අදියරේදී, වයස අවුරුදු 50ට වැඩි සියලුම වැඩිහිටියන්ට​, වයස අවුරුදු 18-54 අතර ආදිවාසීන්ට සහ අනෙකුත් සියලුම අවදානම් කාර්‍යයන් හි නිරතවන පුද්ගලයින්ට එන්නත ලබා දීමට නියමිතයි.

4වන අදියරේදී අනෙකුත් සියලුම වැඩිහිටියන්ට සහ 5වන අදියරේදී අවුරුදු 16ට අඩු ළමුන්ට කොරෝනා එන්නත ලබා දීමට සූදානම් වේ.

 

COMMENTS