ශ්‍රී ලාංකිකයෙක් මෙල්බන්වලදී නිපදවූ මත්පැන් නිෂ්පාදනයට සම්මානයක්

ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔස්ට්‍රේලියාවේ දී නිපදවූ මත්පැන් නිෂ්පාදනයක් සම්මානයට පාත්‍රවී තිබෙනවා.

මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ මෙරට දේශීය බියර් සන්නාමයක් වන Two Rupees හි සම-නිර්මාතෘ ඩැනී පෙරේරායි.

ඔස්ට්‍රේලියාවේ පැවති Australian Distilled Spirits සම්මාන උළලේ දී ඔහු විසින් නිපදවූ Gin නිශ්පාදනයක් New World Contemporary Gin කාණ්ඩය යටතේ (Silver) රිදී පදක්කම හිමි කරගැනීමට සමත්ව තිබුණා.

මෙම ස්ප්‍රිතුවල විශේෂත්වය වන්නේ මේ සඳහා ශ්‍රී ලාංකීය කුළුබඩු සහ ඉන්දීය කුළුබඩු එක්කර තිබීමයි.

ඩැනී පෙරේරා 2000 වසරේ දී වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීම සඳහා පැමිණ ඇති අතර අධ්‍යයනය අතරතුර මත්පැළ අළෙවිසැළක මෙන්ම සූපවේදියෙකු ලෙස ද සේවය කර තිබෙනවා.

තම කුඩා කල සිටම මිතුරෙකු වූ අමිල මෙන්ඩිස් සමග මෙලෙස බියර් නිෂ්පාදනය සඳහා වූ ආශාව මත එය ආරම්භ කර ඇති අතර 2017 වසරේ දී Two Rupees ලෙස බියර් නිෂ්පාදනයක් ඔස්ට්‍රේලියානු වෙළඳපළට නිකුත් කරනු ලැබුවා.

මොහු දැනට මෙල්බන්හි පදිංචිව සිටින අතර 2022 වසරේ සිට ජින් නිෂ්පාදනය සඳහා යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඔවුන් අත්හදා බැලීම් සිදු කර තිබුණේ පදිංචිව සිටි නිවසේ ගරාජයේදී වන අතර කොවිඩ් වසංගත සමයේ ඒ සඳහා අත්හදා බැලීම් සිදු කිරීමට ප්‍රමාණවත් කාලය ද ලැබී තිබුණා.

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා විසින් සාමාන්‍යයෙන් මාසයකට ජින් ලීටර් 1200ක් පමණ නිෂ්පාදනය කරන අතර ඒවා මෙල්බන්හි ප්‍රසිද්ධ ආපන ශාලා රැසක අලෙවි කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »