හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

බොහෝ අග නගරවල නිවාස මිල වාර්තාගත ඉහළ අගයක් ගනිමින් සමස්ත ඔස්ට්‍රේලියාවේ නිවාස මිල නැවත වරක් ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

2024-2025 මූල්‍ය වර්ෂයේ නිවාස මිල අනුව පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ක්වීන්ස්ලන්ඩ්හි සන්ෂයින් කෝස්ට් සහ ගෝල්ඩ් කෝස්ට් ද ඒ අතරට එක්වනු ඇතැයි දේපළ විශ්ලේෂකයන් පවසනවා.

2025 මූල්‍ය වර්ෂය අවසන් වන විට පර්ත්හි නිවාස මිල ඩොලර් 850,000 දක්වාත්, සිඩ්නිහි ඩොලර් මිලියන 1.7 දක්වාත්, ඇඩිලේඩ්හි ඩොලර් 984,000ක් සහ බ්‍රිස්බේන්හි ඩොලර් 999,000ක් දක්වා ඉහළ යනු ඇතැයි දේපල වෙලඳපොල පුරෝකථනය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් සිඩ්නි හි මිල ගණන් වැඩි වීම 2023 – 2024 මූල්‍ය වර්ෂයට සමානව පවතිනු ඇති අතර මෙල්බන් සහ කැන්බරාහි වර්ධනය තරමක් වේගවත් වනු ඇතැයි අපේක්ෂිතයි.

නව ගොඩනැගිලි ඉදි කිරීමට අනුමැතිය නොලැබීම, ඉඩම් හිඟකම සහ අධික ඉදිකිරීම් පිරිවැය හේතුවෙන් නිවාස ගොඩනැගීම ජනගහන වර්ධනයට සාපේක්ෂව පසුබෑමකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »