රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

මෙල්බර්න්හි බටහිර මෙල්ටන් ප්‍රදේශයේ පදිංචි පෝල් ජෙන්කින්ස් නම් ඔහු පසුගිය වසර 53 පුරා සෑම දෙසතියකට වරක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එයාර්පෝට් වෙස්ට් ලයිෆ් බ්ලඩ් (Airport West Lifeblood centre) මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ජෙන්කින්ස්ගේ මෙම පරිත්‍යාග හමුවේ රෝගී ජීවිත 2500කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට උපකාරී වී ඇති බවට ගණන් බලා තිබෙනවා.

ඔහු මුලින්ම රුධිරය පරිත්‍යාග කළේ 1971 වසරේදී ජංගම ඒකකයක් ඔහු සේවය කළ පතොරම් කම්හලට පැමිණි අවස්ථාවේදීයි.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ රෝගීන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා සෑම සතියකම රුධිර පරිත්‍යාග 33,000ක් පමණ අවශ්‍ය වන බවයි.

ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගයට සුදුසුකම් ඇති ජනගහනයෙන් සියයට තුනක් පමණක් රුධිරය පරිත්‍යාග කරන බවයි සෞඛ්‍ය අංශ වාර්තාවල දැක්වෙන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »