Search

මෙල්බන්වල රිය අනතුරුවලින් මියගිය අය ගැන ඇහෙන අලුත් කතාව

මෙල්බන් අගනුවර මෙම වසරේ ජුනි 19 වනදා වන විට මාර්ග අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය තුළින්ම මාර්ග අනතුරු හේතුවෙන් මිය ගිය ගනන 133ක් ලෙසයි සටහන් වන්නේ.

මෙලෙස මියගිය පිරිස අතුරින් 91දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් අනතුරට සම්බන්ධ වාහන පැදවූ රියදුරන් බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරුවලට ලක්වූ යතුරුපැදිකරුවන් 33 දෙනෙකු මියගොස් ඇති අතර මාර්ගයේ ගමන්ගත් පදිකයින් 22ක් ද මෙම කාලය තුළ මියගොස් තිබුණා.

මාර්ග අනතුරු හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ මියගිය අයගේ වයස් සීමාව සැලකීමේ දී වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් 33 දෙනෙකු ද වන බව සඳහන්.

මෙලෙස රිය අනතුරුවලට ලක්ව මියගිය පිරිස අතර අවුරුදු 18ට අඩු ළමුන් 7 දෙනෙකුද සිටින බවයි වර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »