ජුලි 3 වනදා සිට ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ ගණකට අමතර දීමනාවක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකට ජූලි 3 වැනිදා සිට Centrelink Carer Supplement වෙනුවෙන් ඩොලර් 600ක වාර්ෂික දීමනාවක් ලැබීමට නියමිතව තිබෙනවා.

Services Australia අද අනාවරණ කළේ මෙම වාර්ෂික ගෙවීම ලබන මාසයේ සිට හඳුන්වා දෙන බවයි.

වයස්ගත හෝ ආබාධිත අයෙකු රැක බලා ගන්නන් හට ලබන මාසයේ පවතින Centrelink ගෙවීම්වලට අතිරේකව මෙම ඩොලර් 600 ක මුදල ලැබෙනු ඇති බවයි Services Australia ප්‍රකාශ කළේ.

මෙම සත්කාරක අතිරේකය ලබන ජූලි 3 සහ අගෝස්තු 2 වනදා අතර කාලය තුළදී සුදුසුකම් ලැබූවන්ගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කෙරෙනු ඇති.

රැකබලා ගැනීමේ කටයුතුවල නිරත වූවන්ට ඔවුන් ලබන එක් එක් සත්කාරක ගෙවීම් සඳහා වෙන වෙනම මෙම ඩොලර් 600ක වාර්ෂික අතිරේකය හිමි වීම විශේෂත්වයක්.

රජයේ දත්තවලට අනුව පෙනී යන්නේ සැලකිය යුතු වැටුප් සහිත රැකියාවක් තුළින් තමන්ට යැපීමට නොහැකි ඔස්ට්‍රේලියානුවන් 300,000කට අධික සංඛ්‍යාවක් සඳහා ආදායම් ආධාර සපයන Carer Payment සඳහා මෙම මුදල් ඇතුලත් වන බවයි.

ආබාධිත, දරුණු සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙන හෝ වයස්ගත දුර්වල පුද්ගලයෙකුට නිවසේ දෛනික රැකවරණය ලබා දෙන 640,000කට අධික පිරිසකට ද මෙම මුදල් හිමි වනු ඇති.

උදාහරණයක් ලෙස Carer Payment සහ Carer Allowance යන දෙකම ලබා ගන්නා අයෙකුට Carer Supplements දෙකක් ලැබීමට නියමිතයි .

එමෙන්ම දරුවන් දෙදෙනෙකු සඳහා තනි රැකවරණ ගෙවීමක් ලබන ලබන්නෙකු වෙනුවෙන් Carer දීමනා ගෙවීම් දෙකකට අමතරව ඔවුන්ට ඩොලර් 1800 දක්වා Carer Supplement ගෙවීම් තුනක් ලැබෙන බවයි සඳහන් වන්නේ.

මෙම ගෙවීම්වල විශේෂත්වය වන්නේ ඒවා බදු අය කළ හැකි ආදායමට එකතු නොවීම බව Services Australia ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »