මේ වගේ සුවිශේෂී දවසක් ඔස්ට්‍රේලියාවට ආයෙමත් එන්නේ තව අවුරුද්දකින්

ඔස්ට්‍රේලියාවේ කෙටිම දිනය ලෙසින් හැඳින්වෙන දහවල් කාලය අඩුවෙන් පවතින දිනය හෙටට (21) යෙදී ඇති බව කාලගුණ අංශය පවසනවා.

සාමාන්‍යයෙන් මෙරට කෙටිම දිනය ලෙස හැඳින්වෙන්නේ දහවල් කාලය අඩුවෙන් පවතින එනම් අඩුවෙන්ම සූර්‍යාලෝකය පතිත වන දිනයයි.

සෑම වසරකම මෙම දිනය ජුනි මාසය අවසානයේ දිනයක යෙදෙන අතර හෙට දින දීර්ඝතම රාත්‍රි කාලයක් සහ කෙටි දිවා කලයක් සහිත දිනය වීම විශේෂත්වයක්.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිරු උදාවන වෙලාව වෙනස් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරයේ හිරු උදාව සිදු වන්නේ පෙරවරු 7.35ටයි. මෙල්බන් නගරය සහ ඒ අවට හිරු බැස යෑම සටහන්ව ඇත්තේ හෙට පස්වරු 5.08ටයි.

හෙට සිඩ්නි නගරයේ හිරු උදාව උදෑසන 7ට සිදු වන අතර හිරු බැස යෑම පස්වරු 4.53ට සිදු වනු ඇති.

හෝබාට් නගරයට ඉතා ඉක්මනින් රාත්‍රී කාලය උදා වන අතර එහි හිරු බැස යාම පස්වරු 4.42ට සිදු වන අතර හෙට හිරු උදාව දක්වන්නේ උදෑසන 7.42 ලෙසටයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ දීර්ඝතම රාත්‍රී කාලය සැමරීම සදහා අද දින බොහෝ උත්සව සංවිධානය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »