සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු පොලිසිය පැමිණ නතර කර තිබු සැක කටයුතු සුදු පැහැති මෝටර් රථයක් පරික්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමත් සමග CBD අවට ජනතාවට තම කාර්යාල ගොඩනැගිලි තුළම රැඳී සිටින ලෙස විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

අද දහවල් 1ට පමණ සිදු කළ විමර්ශනයේදී මෙම සිද්ධියට අදාළව 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මෝටර් රථයේ තිබී ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.

අදාළ අවිය සැබෑ එකක් ද නැතහොත් අනුකරණයක් ද යන්න තවමත් තහවුරු කර නැහැ.

සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි වාර්තා වන අතර වික්ටෝරියා පොලිසිය අවධාරණය කළේ මෙය ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන අතර ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි.

සිදුවිය හැකි බැංකු මංකොල්ලයක් පිළිබඳ මූලික වාර්තා ලැබී තිබුනද, එම ස්ථානයේ සිටි පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »