සිඩ්නි වෙත පැමිණි රෝගියෙක් නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

විදේශයක සිට ආපසු පැමිණී ඇඩිලේඩ්හි පදිංචි වසරක් වයසැති පිරිමි දරුවෙකු සරම්ප අසාදිත බවට අනාවරණ වී තිබෙනවා.

ඇඩිලේඩ් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින දරුවා ස්ථාවර තත්ත්වයේ පසුවන බවයි සඳහන් වන්නේ.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ මෙම දරුවා ගමන් කළ සිඩ්නි සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට ගිය පුද්ගලයන් තම රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටයි.

මෙම දරුවා පසුගිය 11 වනදා ඩුබායි සිට සිඩ්නි දක්වා EK 416 ගුවන් යානයෙන් පැමිණි අතර එදිනම QF 749 ගුවන් යානයෙන් සිඩ්නි සිට ඇඩිලේඩ් දක්වා ගමන් කර තිබුණා.

ඔහු ජුනි 11 වන දින ඇඩිලේඩ් ගුවන් තොටුපළට ද, ජුනි 13 වන දින මොඩ්බරි රෝහලේ විකිරණ සායනයට ද, ජුනි 14 වන දින සොලිස්බරි ඩවුන්ස් රෝහලේ සැත්කමකට ද, ජුනි 15 වන දින කාන්තා හා ළමා රෝහලට ද ගොස් ඇතැයි සඳහන්.

මේ හේතුවෙන් අදාළ දිනවල එම ස්ථානවලට ගමන් කළ පුද්ගලයන් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.

සරම්ප සඳහා සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා නොගත් ඕනෑම අයෙකු විශේෂයෙන් අවධානයෙන් පසු විය යුතු වනවා.

මෙම වසරේ දකුණු ඔස්ට්‍රේලියාවේ සරම්ප රෝගියෙකු හඳුනා ගත් හයවන අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »