Search

මෙල්බන් වසර 20කට පසු වාර්තා අතරට

මෙල්බන්, සිඩ්නි මෙන්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද දිනය මෙම වසරේ වාර්තා වූ ශීතලම උදෑසන බව කාලගුණ අංශ පවසනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට අද වාර්තා වී ඇති ශීත කාලගුණය වසර 20කට පමණ පසු ජුනි මාසයක වාර්තා වූ ශීතලම උදෑසන බවයි සඳහන් වන්නේ.

නැඟෙනහිර වෙරළ තීරය හරහා සහ ඒ අවට කලාපයේ උෂ්ණත්වය පහත වැටීමත් සමඟ මෙම වාර්තාගත සීතල තත්වය මතුවී ඇති බව වාර්තා වනවා.

නැඟෙනහිර ප්‍රදේශ හරහා ගමන් කරන අඩු පීඩන පද්ධතියක් ටස්මේනියා, වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ කැන්බරා අග නගර කලාපයේ උෂ්ණත්වය හිම මිදෙන තත්වයකට පැමිණ ඇති බව කාලගුණ බලධාරීන් ප්‍රකාශ කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ ටස්මේනියා, වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රන්තවල අද වාර්තා වී ඇත්තේ වසර 20කට පසු ජුනි මාසයක සටහන් වූ සිසිල්ම උදෑසන බවයි.

සිඩ්නි සහ මෙල්බර්න් නගරවල උෂ්ණත්වය අද උදෑසන පිළිවෙළින් සෙල්සියස් අංශක 6.5ක් සහ අංශක 1.4ක් දක්වා පහත බැස තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පිටත නගරයක් වන ටම්බෝහි සෙල්සියස් අංශක ඍණ 5.6 දක්වා සහ කැනුග්‍රාහි අංශක ඍණ 0.3ක් දක්වා උෂ්ණත්වය පහත වැටී තිබෙනවා.

ටස්මේනියාවේ ස්මිත්ටන් ප්‍රදේශයට අද අංශක ඍණ 4.5ක් ලෙස වාර්තාගත අවම උෂ්ණත්වයක් සටහන් වුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන ෂියෝක්ස් හි වසර 29කට පසු ජූනි මාසයේ ශිතලම උදෑසන වූ අද සෙල්සියස් අංශක ඍණ 2ක උෂ්ණත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

මේ අතර නිව් සවුත්වේල්ස් හි Griffith ගුවන් තොටුපළ සහ ඒ අවට 2018 වසරෙන් පසු වාර්තා වූ අවම උෂ්ණත්වය අද සටහන් වූ අතර එම අගය දැක්වුණේ අංශක ඍණ 4ක් ලෙසටයි.

ගිනිකොන දෙසින් හමා එන සුළං තත්වය හමුවේ පවතින සැබෑ උෂ්ණත්වයට වඩා අංශක 4 සිට 6 දක්වා සිසිල් බවක් දැනෙන බව ද කාලගුණ කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල හෙට දිනයේ තවත් මෙවැනිම ශීතල තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

කාලගුණ විද්‍යාඥ රොබ් ෂාප් පැවසුවේ හිම සහිත තත්ත්වයන් හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල මාර්ග අනතුරු පවා සිදුවිය හැකි බැවින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසටයි.

අද උදෑසන බොහෝ ප්‍රදේශවල අනපේක්ෂිත හිම පතනයන් ද සිදුව ඇති අතර ඒ සම්බන්ධ ඡායාරූප ද ජනතාව සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »