ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

පාකින්සන් රෝගය ඔස්ට්‍රේලියාවේ දෙවන වඩාත් සුලභ ස්නායු රෝගය වන අතර සෑම දිනකම අසාදිත පුද්ගලයින් 50 දෙනෙකු හඳුනා ගන්නා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එලෙස අනාවරණ කර ගනු ලැබුව ද රෝගය වැළඳීමට පෙර එය හඳුනා ගැනීම සඳහා මෙතෙක් නිශ්චිත පරීක්ෂණයක් සිදු කෙරුණේ නැහැ.

එහෙත් යුරෝපීය පර්යේෂකයන් කණ්ඩායමක් පවසන්නේ වෙව්ලීම වැනි රෝග ලක්ෂණ ආරම්භ වීමට වසර හතකට පෙර සරල රුධිර පරීක්ෂණයකින් රෝගය පුරෝකථනය කර ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු විය හැකි බවයි.

අද Nature Communications හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව රෝගයේ මුල් සලකුණු රුධිරයේ පවතින බව පර්යේෂකයින් හඳුනාගෙන තිබෙනවා.

එක්සත් රාජධානියේ ළමා සෞඛ්‍ය ආයතන සහ ජර්මනියේ විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායම් විසින් පාකින්සන් රෝගීන්, නින්දේ අසාමාන්‍ය හැසිරීම් ඇති අය සහ නිරෝගී පුද්ගලයින් යන කාණ්ඩ තුනක රුධිර සාම්පල විශ්ලේෂණය කරමිනුයි මෙම තොරතුරු හෙළි කරගෙන ඇත්තේ.

පාකින්සන් රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ රුධිරයේ අක්‍රිය වූ ප්‍රෝටීන් 23ක් ඔවුන් හඳුනාගෙන ඇති අතර ඉන් හයක් නින්දේ ආබාධ සහිත පුද්ගලයින් රුධිරයේ ද ඇති බව සඳහන්.

මෙම සොයා ගැනීම් මගින් පුර්ව ප්‍රතිකාර ලබාදීම, රෝගයට ලක්වන පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීම මෙන්ම ප්‍රතිකාර සඳහා සායනික අත්හදා බැලීම් වලට මෙම පර්යේෂණ තොරතුරු උපකාරී වනු ඇතැයි අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »